සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ H.B. ද නාගහවත්ත මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. . 1962 වසරේ තුන්වෙනි මස 01 දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි එකක් 1965 වසරේ ඉදි කරන ලදී.එකල පාසල භාරව කටයුතු කර ඇත්තේ ද සිල්වා මහතායි.





