කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg

සෙනෙහස පොදි බැද මව් පිය තුරුලින්

ඔබේ සෙවන වෙත පිය නැගලු……….//

ඔබයි අප පැතූ මව්නි සදාදර

විලඔය පාසල් මව්නි දයා……….//

 

විදුනැණ බලයෙන් ලොව දෙස බැලුමට

අවිදු අදුර පලවා හැර ලන්නට………..//

සොදුරු ලොවක් වෙත පිය ඔසවන්නට

මග පෙන්වනු මැන මව්නි දයාබර………..//

 

ඔබ සෙවනේ සිට ලැබෙනා ඇසුරින්

නැණ ගුණ වීරිය වෙතම ලගාවෙන……….//

යුතුකම අගයන ගුණදම් සපිරුන

සමාජයේ මිණි පහනක් කල මැන………..,.//

 

අප හද තුල ඇති නොමිනිස් ගති ගුණ

කෝපය වෛරය පලවා හරිමින්

අප හොද දරුවන් කරනු මැනේ

 

බැතියෙන් පොවමින් ශිල්ප අමා පැන

නිතියෙන් පෙරමුණ වෙතම ලගාවෙන……….//

විමුක්තියේ රණ සෙබලෙක් වන්නට

වරම් දෙන්න මට මව්නි දයාබර………..//

 

සෙනෙහස පොදිබැද මව් පිය තුරුලින්

ඔබේ සෙවන වෙත පිය නැගුදා……….//

ඔබයි අප පැතු මව්නි සදාදර

 විලඔය පාසල් මව්නි දයා………//